18th September 2022 18:04:11 Hours
2009 වර්ශයේ මැයි මාසයට පෙර යුද බිමේ අත්දැකීම් සහ 1996 වර්ශයේ තීරණාත්මක යුධ මෙහෙයුම් පිළිබඳව යුද්ධ හමුදා භටපිරිස් දැනුවත් කිරීමේ අරමුණින්, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ රාජකාරි නියුතු ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ.එස්.චමින්ද විසින්ම එක්රැස් කරගත් කරුණු පදනම් කරගනිමින් රචිත ‘මරණය මැදින් මුලතිව් සිට’ කෘතිය ඇසුරින් ඉතා හරවත් දේශනයක් පවත්වනු ලැබූහ.
මේජර් ජෙනරල් ජී.ඩී සූරියබණ්ඩාර ගේ මගපෙන්වීම මත මෙම දේශනය සංවිධානය කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහභාගී විය.
මෙම දේශනය සඳහා 59 වන සේනාංකයට අයත් බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ.