14th September 2022 18:07:18 Hours
ජල හිඟය හේතුවෙන් පීඩාවිඳින වවුනියාව, පෙරියවලයන්කන්ඩු ප්‍රදේශයේ අවශ්‍යතා සහිත වැසියන් වෙත සහන සැලසීමේ අරමුණින් 15 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (8) දින එම කඳවුරේ ප්‍රධාන දොරටුව අභියස ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කරන ලදී.
එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ආර්.එම්.ජේ.බී. රාජපක්‍ෂ ගේ ඉල්ලීමකට අනුව කුරුණෑගල ප්‍රදේශයේ වෙසෙන ආර්.එම්. පතිරාජ මහතා විසින් මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය වෙනුවෙන් සිය මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන් අතර, ඒකකයේ සියළුම නිලධාරීන් විසින් මෙම වැඩසටහනේ අධීක්‍ෂණ කටයුතු සිදුකරනු ලැබීය.
මෙම ජල පිරිපහදු ව්‍යපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කාරියවසම් සහභාගී විය.
එම ප්‍රදේශයේ වෙසෙන ප්‍රදේශ වාසීන් ජල හිඟය හේතුවෙන් අත්විදින දුෂ්කරතා පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව 562 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනුර ජයසේකර මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහ මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, 15 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහ ගම්වාසීන් පිරිසක් ද එක්වූහ.