Header

Sri Lanka Army

Defender of the Nation

18th September 2022 18:07:27 Hours

65 වන සේනාංකයෙන් දේශීය ඖෂධීය ශාක වගාවට ඔසු උයනක්

දේශීය ඖෂධීය ශාක වර්ග වගා කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භටපිරිස් විසින් තුනුක්කායිහි ස්ථාපිත එම සේනාංක මූලස්ථාන පරිශ්‍රය තුළ පසුගිය සිකුරාදා (16) දින චාම් උත්සවයක් පවත්වමින් ‘ඔසු උයන’ ආරම්භ කරන ලදී.

උත්සවයේ සමාරම්භක අවස්ථාවට 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, එහිදී දුර්ලභ ගණයේ ශාක ප්‍රභේද 70 ක් පමණ ඇතුළුව දේශීය ඖෂධීය ශාක 200 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.

මෙම උත්සව අවස්ථාව 65 වන සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ නිලධාරි) ලුතිනන් කර්නල් රසික කුමාර විසින් සම්බන්ධීකරණය කරන ලද අතර, රටේ අනාගත පරපුර සඳහා වටිනා සහ දුර්ලභ දේශීය ඖෂධීය ශාක සංරක්ෂණය කිරීමේ අරමුණින් එම සේනංකය යටතේ පිහිටි බලසේනාවන්හි සහ ඒකකයන්හිද එවැනි ඔසු උද්‍යාන පිහිටුවීමට අදහස් කරයි. ‘ඔසු උයන’ ආරම්භ කිරීමේ අවස්ථාවට 65 වන සේනාංකයේ නිලධාරීන් ඇතුළු සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.