18th September 2022 18:10:56 Hours
1980 දශකයේ දී ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද සහායක ආරක්‍ෂක අංශයක් වන සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත ඔවුන්ගේ දත්ත පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා යුද්ධ හමුදාවේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ විශේෂඥ ශිල්පීන් විසින් සිය තාක්‍ෂණික දැනුම ලබා දෙමින්, පසුගිය (13) බ්‍රහස්පතින්දා දින ආරම්භ කරන ලද ‘මානව සම්පත් කළමනාකරණ’ දත්ත පද්ධතිය වෙත දත්ත ඇතුලත් කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය සහය ලබාදෙනු ලැබීය.
එහිදී, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පුද්ගලයින් 35,000 ගේ පමණ තොරතුරු මානව සම්පත් කළමනාකරණය පද්ධතිය වෙත ඇතුලත් කිරීමට නව මෘදුකාංගයක් නිර්මාණය කරන ලද අතර, නව මානව සම්පත් කළමනාකරණ පද්ධතිය යුද්ධ හමුදාවේ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම වැඩසටහන සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ (විශ්‍රාමික), ශ්‍රී ලංකා යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සජිත් ලියනගේ සහ මොරටුව කටුබැද්ද සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (13) දින නිල වශයෙන් ආරම්භ කරන ලදී.