Header

Sri Lanka Army

Defender of the Nation

18th September 2022 17:59:38 Hours

අන්තර් රෙජිමේන්තු මුයිතායි තරඟාලිය - 2022 ජයග්‍රහණය විජයභාහු පාබල රෙජිමේන්තුවට

යුද්ධ හමුදා 3 වන අන්තර් රෙජිමේන්තු මුයිතායි තරඟාවලිය - 2022 පසුගිය (04) ඉරිදා දින පනාගොඩ යුද්ධ හමුදා කඳවුරු ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

මෙම තරඟාවලිය, දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක, යුද්ධ හමුදා මුයිතායි කමිටු සභාපති සහ ජාතික මුයිතායි තේරීම් කමිටු සාමාජික බ්‍රිගේඩියර් සංඛ ජයමහගේ මගපෙන්වීම මත යුද්ධ හමුදා රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට අධික පිරිසක් තරග වැදුණි.

අවසන් තරඟයේදී විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායමේ මුයිතායි ක්‍රීඩකයින් ගෝල 11 ලබා ගනිමින් ජයග්‍රාහී කණ්ඩායම බවට පත් වූ අතර, ගෝල 7 ක් ලබාගත් ගනිමින් ගජබා රෙජිමේන්තු කණ්ඩයම එම තරඟයේ දෙවන ස්ථානය හිමිකර ගන්නා ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මුයිතායි ක්‍රීඩිකාවන් විසින් රන් පදක්කම් 6ක් සහ රිදී පදක්කම් 2ක් හිමිකර ගන්නා ලද අතර, ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම නියෝජනය කළ මුයිතායි ක්‍රීඩිකාවන් රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කම් 1ක් දිනා ගනිමින් කාන්තා අංශයේ අනුශූරතාව හිමිකර ගත්හ.

අන්තර් රෙජිමේන්තු මුයිතායි තරඟාවලිය - 2022, ප්‍රධාන ආරාධිතයා ලෙස බ්‍රිගේඩියර් සංඛ ජයමහ සහභාගි වූ අතර, තරඟාවලිය සඳහා කර්නල් ප්‍රියංක පෙරේරා, ජාතික මුයිතායි පුහුණුකරු, සිවිල් විනිසුරුවන් 3 දෙනෙකුගෙන් සහ යුද්ධ හමුදා විනිසුරුවරුන් 9 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලකින් සමන්විත වූහ.

තරඟාලිවය අවසානයේදී ජයග්‍රාහී මුයිතායි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙන කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කෙරිණි.