17th September 2022 18:43:43 Hours
උසස්වීම් ලද මේජර් ජෙනරල් ශාන්ත රණවීර වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (16) දින ගජබා රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබා දුන් උපදෙස් මත සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි උසස්වීම් ලද මේජර් ජෙනරල් ශාන්ත රණවීර එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි. පසුව එතුමන් වෙත රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූ අතර, ඉන් අනතුරුව මේජර් ජෙනරල් ශාන්ත රණවීර විසින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්නගේ පිළිරුවට පුෂ්පෝපහාර පුද කළේය.
අනතුරුව, සරඹ භූමියේදී ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පිරිනමනු ලබන හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිළිගැනීම සඳහා එතුමන් වෙත ආරාධනා කරනු ලැබීය.
ඉන් පසුව මේජර් ජෙනරල් ශාන්ත රණවීර සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී වූ අතර, එහිදී සියළු භටපිරිස් අමතමින්, මෙවැනි අලංකාරවත්වූ උත්සවයක් සංවිධානය කර පැවැත්වීම සම්බන්ධයෙන් රෙජිමේන්තු අධිපතිතුමන් සහ රෙජිමේන්තු මූලස්ථානයේ සියලුම නිලයන් වෙත සිය කෘතඥතාව පළ කළේය.
මෙම උත්සව අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.