15th September 2022 19:30:47 Hours
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින්ගේ සහ ඉංජිනේරු ඕෂදී හේරත් මහත්මියගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත 211 වන බලසේනාවේ භටපිරිස් මැදවච්චිය, කඩවත්රම්බාව ප්‍රදේශයේ තවත් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා පසුගිය දා මුල්ගල් තැබීය.
නිවාසලාභී ප්‍රේමසිරිගේ නිසංසලා ප්‍රේමසිරි මහත්මිය සිය දරුවන් සමඟින් අත්විඳිනු ලබන දුෂ්කරතා පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන් ගේ උපදෙස් හා 211 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න ගේ අධීක්‍ෂණය මත 2022 සැප්තැම්බර් මස 8 දින නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල් තබන ලදී.
මෙම මුල්ගල් තැබීමේ අවස්ථාව සඳහා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් එම්. සී. මලවිආරච්චි මහත්මිය, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති එස්. පී. ජයලත් මහතා, කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින්, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද, 211 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී සහ ගම්වාසීන් කිහිපදෙනෙකුද එක්වූහ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 211 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න මෙන්ම පරිත්‍යාගශීලීන් සහ අනෙකුත් ආරාධිතයින් එක්ව නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල් තැබීය.