15th September 2022 19:00:47 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ ඉල්ලීමක් අනුව දකුණු පලාතේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසකගේ අනුග්‍රහකත්වය මත මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ එම ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයන් අතර සංහිඳියාව සහ සහජීවනය වර්ධනය කිරීමේ තවත් එක් ප්‍රජා මූලික වැඩසටහනක් පසුගිය සඳුදා (12) දින මුලතිව් දිස්ත්‍රික්කයේදී පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ 682 වන බලසේනාවේ භටපිරිස් විසින් සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක, කඩුගන්නාව ‘පාරමිතා’ භාවනා මධ්‍යස්ථානාධිපති හා බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන්ගේ අනුග්‍රාහකත්වයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමයේ ප්‍රධාන අනුශාසක ගවරගිරියේ ප්‍රේමරතන හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අවශ්‍යතා සහිත සිවිල් වැසියන් වෙනුවෙන් සහල්, පරිප්පු, කුළුබඩු, සබන්, ධාන්‍ය වර්ග, කිරිපිටි ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් වියළි සලාක පාර්සල් 125 ක් මෙලෙස බෙදා දෙන ලදී.
වියළි සලාක පාර්සල් බෙදා දීමේ වැඩ සටහන අතරතුර ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් කෙටි අනුශාසනාවක් පවත්වමින්, මෙවැනි ප්‍රජා මූලික වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව මේජර් ජෙනරල් සංජය වනසිංහ වෙත ස්තුතිය පුද කරන ලදී.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් පළමුව වියලි සලාක පාර්සල් කිහිපයක් බෙදාදුන් අතර, එම අවස්ථාවට 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් වසන්ත පාලමකුඹුර, 682 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ගල්ලප්පත්ති සහ ප්‍රතිලාභී පවුල්වල සාමාජිකයින් පිරිසක්ද සහභාගී වූහ.