2018-05-13 22:54:40
යුද්ධ හමුදා රෝහල විසින් ක්‍රියාත්මක කරමින් පවතින ‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස ‘බෝ නොවන රෝග’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් පවත්වනු ලැබීය.
2018-05-13 22:54:20
කිලිනොච්චි ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ යෝජනාවකට අනුව එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තොඩ්ඩිඅඩි ප්‍රදේශයේ තෝරාගත් පවුල් 275 ක් සඳහා ආර්ථික වටිනාකමින් යුතු කොස් පැළ 1500 ක් බෙදාදෙනු ලැබීය.
2018-05-13 22:53:42
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස්හි සම්බන්ධීකරණයෙන් වෙරාවිල් ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා තවත් ප්‍රජා සත්කාර ව්‍යාපෘතියක් ලෙස ජංගම දන්ත වෛද්‍ය සායනයක් සෙනසුරාදා (12) දින පවත්වනු ලැබීය.
2018-05-13 22:50:42
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට එක්වූ තරුණ නිලධාරින් අට දෙනෙකු බූඔය පිහිටි ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ දී ඉංජිනේරු ක්ෂේත්රය සඳහා භාවිතා කරනු ලබන යන්ත්‍රෝපකරණ ක්‍රියාකාරිත්වය සහ ඒවායේ භාවිතයන් මෙන්ම ඉදිකිරීම් සැලසුම් පිළිබඳ මනා අවබෝධයක් ලබාගනු ලැබීය.
2018-05-13 22:46:59
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 511 සහ 515 බලසේනාවන්හි සේවයේ නියුතු භට පිරිස් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව යාපනය නගර ප්‍රදේශයේ ශ්‍රමදාන ව්‍යාපෘති කිහිපයක් අප්‍රෙල් මස 29 දින සිට මැයි මස 5 දින දක්වා ක්‍රියාත්මක කළහ.
2018-05-13 22:43:59
මිනිසුන් තුල පවතින සහෝදරත්වය, අධ්‍යාත්මික ප්‍රගතිය හා මානුෂිය වටිනාකම් පිළිබඳ ඔවුන් තුල දැඩි සේ විශ්වාස ඇති කරවිමට සංගීතමය අර්ථ නිරූපණයන් ඉදිරිපත් කරන සහෝදර චාල්ස් තෝමස් තුමන් ප්‍රධාන ආගමික සාමාජිකයින්ගෙන් සමන්විත ‘දහම් පහණ පදනමේ’, ‘දහම් පහණ’ සංගිත හා අධ්‍යාත්මික ව්‍යාපෘතිය මඟින් යාපනය අර්ධද්විපය....
2018-05-11 11:48:49
නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ රණවිරු ඇපරල් කලමණාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සිය ප්‍රථම නිල සංචාරය අරඹමින් බදාදා (9) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් .....
2018-05-10 17:30:21
වසර 137 ක ප්‍රෞඩ හා සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා පාබල හමුදාව අද වන විට වර්ණ ගණනාවකට උරුමකම් කියන අතර ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් ලබා ඇති එම වර්ණයන් තැන්පත් කිරිම සඳහා පනාගොඩ.....
2018-05-10 17:29:30
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ භට පිරිස්, 2018 මැයි මස 01 දින පැවැති කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ මළල ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩාපිටිය පිරිසිදු කිරීමට සහ සකස් කරදීමට සිය පූර්ණ සහයෝගය ලබාදෙනු ලැබීය.
2018-05-10 17:29:27
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ ස්ථානගත 24 වන සේනාංකයේ භට පිරිස්හි සහයෝගිතාව ඇතිව අම්පාර රොටරී සමාජය සහ කොළඹ අසරණ සරණ සමිතිය එක්ව වෛද්‍ය සායනයක් සංවිධානය කරනු ලැබීය.