Header

Sri Lanka Army

Defender of the Nation

10th May 2018 17:30:21 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට හිමි වර්ණ විශේෂ කුටියක තැන්පත් කරයි

වසර 137 ක ප්‍රෞඩ හා සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා පාබල හමුදාව අද වන විට වර්ණ ගණනාවකට උරුමකම් කියන අතර ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් ලබා ඇති එම වර්ණයන් තැන්පත් කිරිම සඳහා පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද විශේෂ කුටිය බදාදා (9) දින විවෘත කරන ලදී.

මෙම නවතමයෙන් ඉදිකරන ලද වර්ණ කුටිය විවෘත කිරිමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සහභාගි වු අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මහ කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් වන මේජර් ජෙනරාල් ආර්.ඒ නුගේරා, මේජර් ජෙනරාල් එල්.එම් මුදලිගේ, මේජර් ජෙනරාල් ඒ.එල්.එස්.කේ පෙරේරා, සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එම් කිත්සිරි, නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ඩි.ඒ.කේ දිසානායක, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

වසර 137 ක අභිමානවත් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පාබල හමුදාව එවකට ලංකා පාබල හමුදාව ලෙස හැදින්වු අතර එය ලංකා හමුදාව බිහිවිමේ මුල බීජය විය. බෝර් යුද්ධය සහ 1914 දී ඇතිවු පළමු ලෝක යුද්ධය (Boer War and the First World War - 1914) සඳහා ලංකා පාබල හමුදාව විසින් ලබාදුන් සුවිශේෂි දායකත්වය අගයමින් එම රෙජිමේන්තුව වෙත එංගලන්තයේ VII වන එඩ්වඩ් රජු විසින් 1922 වර්ෂයේ දී රාජකීය වර්ණයන් පිලිගැන්වු අතර 1954 වර්ෂයේදී II වන එළිසෙබෙත් මහ රැජිණ විසින් ගාලු මුවදොර පිටියේදී නැවතත් එම වර්ණ පිලිගන්වන ලදී. ලංකා පාබල හමුදාවේ 1 වන බලඇණිය සහ 2 (ස්වේච්ඡා) ලංකා පාබල හමුදාව එළිසෙබෙත් මහ රැජිණගේ රාජාභිෂේකයෙන් පසුව රැජිණ වර්ණ හිමි කරගන්නා ලදී.

ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස පත්වීමෙන් පසු ලංකා පාබල හමුදාවේ 1 වන බල ඇණිය සහ 2 (ස්වේච්ඡා) ලංකා පාබල හමුදාව ලද රාජකීය වර්ණයන් සහ රෙජිමේන්තු වර්ණයන් රෙජිමේන්තු කෞතුකාගාරයේ තැන්පත් කරන ලද අතර යුද්ධ හමුදා ඉතිහාසයේ පළමු වරට 1978 වර්ෂයේ යුද්ධ හමුදා දිනය යෙදී තිබු ඔක්තෝබර් 10 වන දින ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වු ජේ. ආර් ජයවර්ධන මැතිතුමන් විසින් ලංකා පාබල හමුදාවේ 1 වන බල ඇණිය සහ 2 (ස්වේච්ඡා) ලංකා පාබල හමුදාව වෙත ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ පිළිගන්වන ලදී.

වර්ෂ 2015 ඔක්තෝබර් මස 26 වන දින එවකට ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ප්‍රථම වරට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ ප්‍රදානය කරන ලද අතර ශ්‍රී ලංකා පාබල හමුදාවේ 1 වන බලඇණිය සහ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ ශ්‍රී ලංකා පාබල හමුදා සරඹ භුමියේ පැවති වර්ණවත් උත්සවයකදී නැවත පිලිගන්වන ලදී.

Nike footwear | Air Jordan Release Dates 2021 Updated , Gov