13th May 2018 22:53:42 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස්හි සම්බන්ධීකරණයෙන් වෙරාවිල් ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා තවත් ප්‍රජා සත්කාර ව්‍යාපෘතියක් ලෙස ජංගම දන්ත වෛද්‍ය සායනයක් සෙනසුරාදා (12) දින පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක, කිලිනොච්චි කලාපීය දන්ත වෛද්‍යවරුන් සහ වෛද්‍ය මදුවන්ති සහ වෛද්‍ය බාලකුමාර සමඟ සම්බන්ධිකරණයෙන් යුතුව පවත්වනු ලැබීය.
663 වන බලසේනාව යටතේ ස්ථාපිත 19 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සහ 2 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් පැවැත්වූ මෙම වෛද්‍ය සායනයේ දී ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ සිසුන් 132 ක් පරීක්‍ෂාවට ලක් කළහ.
මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස 663 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ලසන්ත රුද්‍රගේ සහභාගි විය. තවද යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ආගමික නායකයින් සහ ප්‍රජා නායකයින් කිහිපදෙනෙකු ද මෙම වෛද්‍ය සායනය සඳහා එක්ව සිටියහ.
සහභාගි වූ ඇතැම් පුද්ගලයින්හට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිර්දේශයන් සහ උපදෙස් ද මෙහිදි ලබාදී ඇත.
jordan release date | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger