Header

Sri Lanka Army

Defender of the Nation

13th May 2018 22:54:40 Hours

‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ පිළිබඳ වන්නි භට පිරිස් දැනුවත් කෙරේ

යුද්ධ හමුදා රෝහල විසින් ක්‍රියාත්මක කරමින් පවතින ‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස ‘බෝ නොවන රෝග’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් පවත්වනු ලැබීය.

මෙහිදී ‘නිවැරදි ආහාර රටාවන්’, ‘ප්‍රසව හා නාරීවේදය සහ මානසික සෞඛ්‍යය’, ‘බෝ නොවන රෝගවලින් වැළකීම’ ආදී මාතෘකා ඔස්සේ දේශන යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ.එස්.එම් විජේවර්ධන, ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කර්නල් ඩි.සී.ජේ වික්‍රමආරච්චි, මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රවිමල් ගලප්පත්ති, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලුතිතන් කර්නල් කේ.ජි.එන්.යු ජයසිංහ විසින් පැවැත් වූ අතර, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් ඇතුළු නිලධාරින් 48 ක් සහ සෙසුනිලයින් 392 ක් සිකුරාදා (11) දින පැවැති මෙම දේශන සඳහා සහභාගි විය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත ‘රට රකින ජාතිය’ බෝ නොවන රෝගයන්ගෙන් මෙන්ම අහිතකර සෞඛ්‍ය පුරුදු වලින් වළක්වා නිවැරදි සෞඛ්‍ය පුරුදු සහ නිවැරදි සනීපාරක‍්‍ෂක ක්‍රමවේදයන් පුහුණු කිරීමට ‘සෞඛ්‍ය ජිවිතයයි’ ලෙස ආදර්ශයට ගෙන මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

Authentic Sneakers | Nike