Header

Sri Lanka Army

Defender of the Nation

10th May 2018 17:29:27 Hours

අම්පාර ප්‍රදේශයේ සිවිල් වැසියන්ට ප්‍රතිලාභ සලසමින් වෛද්‍ය සායනයක් සහ පුස්තකාල පොත් තොගයක් පරිත්‍යාග කරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ ස්ථානගත 24 වන සේනාංකයේ භට පිරිස්හි සහයෝගිතාව ඇතිව අම්පාර රොටරී සමාජය සහ කොළඹ අසරණ සරණ සමිතිය එක්ව වෛද්‍ය සායනයක් සංවිධානය කරනු ලැබීය.

මෙම වෛද්‍ය සායනය, 241 වන බලසේනාවේ භට පිරිස් විසින් 2018 මැයි මස 4 දින සිට 6 දින දක්වා උහණ මහා රෝහලේ දී පවත්වනු ලැබීය.

මෙම පුණ්‍ය කටයුත්ත සඳහා අසරණ සරණ සමිතිය සහ රොටරී සාමාජයේ වෛද්‍ය කාර්යමණ්ඩලයේ 15 දෙනෙකු මෙන්ම 16 වන ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් ද සහභාගි වූහ.

මෙම වෛද්‍ය සායනයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිවිල් වැසියන් 675 කට අධික පිරිසක් පැමිණ සිටියහ.

තවද, මෙම වෛද්‍ය සායනයේ දී ඇස් කණ්නාඩි 250 ක් නොමිලේ බෙදාදෙනු ලැබු අතර අධි රුධිර පිඩනය සහ දියවැඩියා රෝගින් 671 ක් පරික්‍ෂා කරන ලදී. එමෙන්ම, තවත් රෝගීන් 40 දෙනෙකුට කෘතීම පාද පරිත්‍යාග කළහ.

රොටරී සමාජයේ සභාපතිතුමන්ගේ ආරාධනයකට අනුව 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්.එම්.මුදලිගේ මෙම අවස්ථාවට සහභාගි විය.

24 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් රුපියල් 10,000/= ක වටිනාකමින් යුතු මුද්‍රණය කරන ලද පොත් තොගයක් උහණ ප්‍රදේශයේ පාසල් 10 ක පාසල් සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා බෙදාදෙනු ලැබීය.

කොළඹ අසරණ සරණ සමිතිය හා අම්පාර, රොටරී සමාජය අනුග්‍රාහකත්වයෙන් මෙම සියළුම පරිත්‍යාග කටයුතු සිදු කරනු ලැබීය.

Running Sneakers | nike fashion