13th May 2018 22:54:20 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ යෝජනාවකට අනුව එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තොඩ්ඩිඅඩි ප්‍රදේශයේ තෝරාගත් පවුල් 275 ක් සඳහා ආර්ථික වටිනාකමින් යුතු කොස් පැළ 1500 ක් බෙදාදෙනු ලැබීය.
මෙම වැඩසටහන 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ අධීක්ෂණය යටතේ 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ලාල් විජේතුංග ගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නංවනු ලැබීය.
‘අපි වවමු - රට නගමු’ ජාතික වැඩසටහනට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇති අතර කෙටි කාල පරිච්ඡේදයකින් මෙම ශාක ඵල දරණ බැවින් එමගින් පවුල් 275 කගේ ජීවන මට්ටම ඉහළ නැංවීම අපේක්ෂාවයි. මීට පෙරද, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ තවත් එවැනිම ආර්ථික වටිනාකමින් යුතු පැළ තොගයක් බෙදාදෙනු ලැබීය.
Best jordan Sneakers | Nike - Shoes & Sportswear Clothing