Header

Sri Lanka Army

Defender of the Nation

13th May 2018 22:43:59 Hours

යාපනය ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල් සහ එම පවුල්වල සිසුන් වෙත දිරිදීමනා

මිනිසුන් තුල පවතින සහෝදරත්වය, අධ්‍යාත්මික ප්‍රගතිය හා මානුෂිය වටිනාකම් පිළිබඳ ඔවුන් තුල දැඩි සේ විශ්වාස ඇති කරවිමට සංගීතමය අර්ථ නිරූපණයන් ඉදිරිපත් කරන සහෝදර චාල්ස් තෝමස් තුමන් ප්‍රධාන ආගමික සාමාජිකයින්ගෙන් සමන්විත ‘දහම් පහණ පදනමේ’, ‘දහම් පහණ’ සංගිත හා අධ්‍යාත්මික ව්‍යාපෘතිය මඟින් යාපනය අර්ධද්විපය තුල සිය ප්‍රජා වැඩසටහනක් දියත් කරමින් සංහිඳියා ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා පාපැදි 100 ක්, පොල් පැළ 7500 ක්, මහන මැෂින් 20 ක්, පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 300 ක් සහ අඩු ආදායම්ලාභී පවුල් 20 ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් ද පරිත්‍යාග කරන ලදි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සංවිධායකත්වයෙන් පැවැති මෙම වැඩසටහන බ්‍රහස්පතින්දා (10) දින ඉලංකායි වෙන්දන් කලා විද්‍යාලයේ (Ilankai Venthan Art College) දී පැවැති අතර එම ප්‍රදේශයේම දිළිදු පවුලක් වෙත නව නිවසක් ඉදිකරදීමේ කටයුතු ද සිකුරාදා (11) දින ආරම්භ කරනු ලැබීය.

මෙම වැඩසටහනේ පළමු දිනයේ දී, සිසුන් 300 දෙනෙකු වෙත වසර පහක කාලසීමාවක් වෙනුවෙන් ශීෂ්‍යත්ව පිරිනැමීම සඳහා ‘රන් කැකුළු’ බැංකු ගිණුම් විවෘත කළහ.

තවද මෙම උත්සවයේ දී දූෂ්කර ප්‍රදේශවල තෝරාගත් පාසල් සිසුන් සඳහා පාපැදි 100 ක් බෙදාදුන් අතර පොල් වගාව සඳහා උනන්දුවක් දක්වන සිවිල් වැසියන් වෙත පොල් පැළ 7500 ක් ද බෙදාදෙන ලදි.

දිළිඳු කාන්තාවන් දිරීගැන්වීම සඳහා තෝරාගත් කාන්තාවන් 20 දෙනෙකු වෙත රුපියල් 20,000.00 ක වටිනාකමින් යුත් මහන මැෂින් 20 ක් ප්‍රදානය කළහ. මීට අමතරව, මෙම උත්සවයේ දී තෝරාගත් පවුල් 20 ක් සඳහා සනීපාරක්‍ෂක පහසුකම් ඉදිකිරිමට රුපියල් 20,000.00 බැගින් වූ මුදල් අධාර ද පිරිනැමූහ.

එමෙන්ම, දෙවන දිනයේ දී (11) එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් විසින් නිර්දේශ කරන ලද දිළිඳු පවුලක් වෙත නිවසක් ඉදිරකරදීම සඳහා මූල්ගල තැබීය.

මෙම වැඩසටහන් සඳහා ආගමික නායකයින්, සහෝදර චාල්ස් තෝමස් තුමන්, ‘දහම් පහණ’ පදනමේ සාමාජිකයින්, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසුනිලයින් සහ යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල පරිත්‍යාග ලබාගත් සිසුන් සහ දෙමාපියන් ඇතුළු සිවිල් වැසියන් රැසක් ද එක්ව සිටියහ.

Sports News | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify