Header

Sri Lanka Army

Defender of the Nation

10th May 2018 17:29:30 Hours

කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සකස් කිරීමට භට පිරිස්හි සහය

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ භට පිරිස්, 2018 මැයි මස 01 දින පැවැති කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ මළල ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩාපිටිය පිරිසිදු කිරීමට සහ සකස් කරදීමට සිය පූර්ණ සහයෝගය ලබාදෙනු ලැබීය.

57 වන සේනාංයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබූ මෙම ‘ශ්‍රමදාන’ වැඩසටහන සඳහා 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නජිව එදිරිසිංහ ගේ පූර්ණ සහයෝගය ඇතිව එම බලසේනාවේ 50 කට අධික භට පිරිසක් සහභාගි විය.

Best jordan Sneakers | jordan Release Dates