Header

Sri Lanka Army

Defender of the Nation

13th May 2018 22:50:42 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ යන්ත්‍රෝපකරණ පිළිබඳ තරුණ නිලධාරින් දැනුවත් කෙරේ

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට එක්වූ තරුණ නිලධාරින් අට දෙනෙකු බූඔය පිහිටි ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ දී ඉංජිනේරු ක්ෂේත්‍රය සඳහා භාවිතා කරනු ලබන යන්ත්‍රෝපකරණ ක්‍රියාකාරිත්වය සහ ඒවායේ භාවිතයන් මෙන්ම ඉදිකිරීම් සැලසුම් පිළිබඳ මනා අවබෝධයක් ලබාගනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ තරුණ නිලධාරි පාඨමාලා අංක - 9 යටතේ පුහුණුව ලැබු නිලධාරින්ට මෙම පුහුණුව ඉතා වැදගත් අවස්ථාවක් විය.

ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අමිත් සෙනෙවිරත්න ගේ ප්‍රධානත්වයෙන් 2018 අප්‍රේල් මස 23 වන දින මෙම පුහුණු වැඩසටහන ආරම්භ වූ අතර එය මැයි මස 11 දින පැවැති උත්සවයකින් සාර්ථකව අවසන්විය.

යුද්ධ හමුදා ඉංජිනේරු සෙබලුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමේ අරමුණින් තරුණ නිලධාරින්ට න්‍යයික හා ප්‍රයෝගික අංශයන්ගෙන් මනා දැනුමක් ලබාදෙමින් මෙම පුහුණු වැඩසටහන සාර්ථාකව නිමාකිරීමට හැකිවිය.

ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති, ඉංජිනේරු බලසේනාවේ කර්නල් (ව්‍යාපෘති), අනෙකුත් නිලධාරින් සහ සිවිල් දේශකයින් ඇතුළු සම්පත් දායකයින්ගේ සහයෝගය මෙම පුහුණු වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ලබාදුන්හ.

මෙම පුහුණු වැඩසටහනේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු බලසේනාවේ කර්නල් (ව්‍යාපෘති) ලුතිනන් කර්නල් ගාමිණි වීරකොන් සහභාගි විය.

Sport media | Women's Nike Superrep