Header

Sri Lanka Army

Defender of the Nation

13th May 2018 22:46:59 Hours

51 වන සේනාංකයේ භට පිරිස් සිවිල් වැසියන් සමඟ එක්ව තවත් ප්‍රජා සත්කාර ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරයි

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 511 සහ 515 බලසේනාවන්හි සේවයේ නියුතු භට පිරිස් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව යාපනය නගර ප්‍රදේශයේ ශ්‍රමදාන ව්‍යාපෘති කිහිපයක් අප්‍රෙල් මස 29 දින සිට මැයි මස 5 දින දක්වා ක්‍රියාත්මක කළහ.

51 වන සේනාංකයේ භට පිරිස් විසින් කයිතඩි වැඩිහිටි නිවාසය, චුන්නාකම් කලෛමධි පෙරපාසල් පරිශ්‍රය, රාජරාජේශ්වරි අම්මාන් කෝවිල සහ මනම්පිරායි පුරාණ ගණදෙවි කෝවිල යන ස්ථානයන් පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාවට නංවනු ලැබීය.

එසේම, 515 වන බලසේනාවේ භට පිරිස් විසින් රාජරාජේශ්වරි අම්මාන් කෝවිල සහ මනම්පිරායි පුරාණ ගණදෙවි කෝවිල හී පැවැති පූජාවන් සඳහා පැමිණි බැතිමතුන්ට ජල පහසුකම්, ප්‍රවාහන පහසුකම් සහ ආහාරපාන ආදියෙන් සංග්‍රහ කරමින් සිය දායකත්වය සැපයූහ.

කයිතඩි වැඩිහිටි නිවාසයේ පැවැති වැඩසටහනේ දී නේවාසික රැඳවියන්ට ආහාරපාන ලබාදුන් අතර, යුද්ධ හමුදා කරණවෑමියන් විසින් ඔවුන්ගේ හිසකෙස් කැපීම ද සිදුකරන ලදි. එදිනම, එම වැඩිහිටි නිවාස පරිශ්‍රය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කළහ.

trace affiliate link | Air Jordan