Header

Sri Lanka Army

Defender of the Nation

11th May 2018 11:48:49 Hours

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සිය ප්‍රථම නිල සංචාරය අරඹමින් අලව්ව සහ යක්කල පිහිටි රණවිරු ඇපරල් කර්මාන්තශාලාවන්හි සංචාරයක

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ රණවිරු ඇපරල් කලමණාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සිය ප්‍රථම නිල සංචාරය අරඹමින් බදාදා (9) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් පාලනය කරනු ලබන අලව්ව සහ යක්කල ප්‍රදේශයන් හි පිහිටි රණවිරු ඇපරල් කර්මාන්තශාලාවන්හි නිරික්‍ෂණ චාරිකාවක නිරත විය.

අලව්ව රණවිරු ඇපරල් හි සේනාවිධායක බ්‍රිගේඩියර් සේනක දසනායක, නියෝජ්‍ය සේනාවිධායක සහ කර්මාන්ත ශාලා කළමණාකරු බ්‍රිගේඩියර් කපිල රණවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, අලව්ව රණවිරු ඇපරල් කර්මාන්තශාලා ප්‍රධාන දොරටුව අභියසදී ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර හමුදා සම්ප්‍රදායානුකුලව කර්මාන්තශාලාවේ භට පිරිස් විසින් සම්මාන මුරය පසුකර‍ගෙනයාම (drive-past Guard Turn Out) පිරිනමන ලදී.

අනතුරුව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි විසින් එම කර්මාන්තශාලා භුමියේ ඉදිකිරිමට යෝජිත නව නිලධාරි නිවස්නය සඳහා සුබ මොහොතින් මුල්ගල තැබු අතර සිය සංචාරය සිහිවීම සඳහා පැළයක් ද රෝපණය කරන ලදී.

ඉන් පසුව කර්මාන්තශාලා පරිශ්‍රයේ ඉදිකෙරෙමින් පවතින මහල් 5 කින් යුත් සෙසුනිල භඨ නිවාසය සහ කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාවෙහි ඉදිකිරිම් නිරික්‍ෂණය කරන ලද අතර මෙම සංචාරය තුලදී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සිදුකරමින් පවතින ඉදිකිරිම් හි ප්‍රගතිය සහ කර්මාන්තශාලාවේ යටිතල පහසුකම් මෙන්ම කාර්මාන්තශාලාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජික සමාජිකාවන්ගේ ජීවන තත්වය, සලාක ක්‍රමවේදයන් සහ ඔවුන්ගේ පුද්ගලික ගැටළු සම්බන්ධව ද සොයා බලන ලදී.

මෙම සංචාරය අතරතුර අලව්ව, රණවිරු ඇපරල් කර්මාන්තශාලාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ඉංජිනේරු සේවා බලකායේ නිලධාරින් විසින් කර්මාන්තශාලා පරිශ්‍රයේ නව ඉදිකිරිම් සම්බන්ධව මෙන්ම ක්‍රියාත්මක කරනු ලබන විවිධ ව්‍යාපෘතින් පිළිබඳව ද නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි දැනුවත් කිරිමෙන් අනතුරුව එතුමන් විසින් අදාළ ඉදිකිරිම් හැකි ඉක්මණින් නිමකිරිමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදෙනු ලැබීය.

  

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි අලව්ව කර්මාන්තශාලා භුමියෙන් නික්මයාමට මත්තෙන් සියළු නිල තේපැන් සංග්‍රහයකට ද සහභාගි වු අතර එහිදි නිලධාරින් සහ සෙසුනිලයින් සමගින් සුහද පිළිසඳරක ද නිරත විය.

 

දිනයේ දෙවන අදියර වශයෙන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි යක්කල පිහිටි රණවිරු ඇපරල් කර්මාන්තශාලාව වෙත එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි අතර එතුමන් වෙත භට පිරිස් විසින් සම්මාන මුරය පසුකර‍ගෙනයාම (drive-past Guard Turn Out) පිරිනමන ලදී. එහිදි එම කර්මාන්තශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය, යටිතල පහසුකම්, සුභසාධන ව්‍යාපෘතින් සහ අනෙකුත් කරුණු සබැදිව විමසා සිටි අතර සිය සංචාරය සිහිපත්වීම සඳහා කර්මාන්තශාලා පරිශ්‍රයේ සඳුන් පැළයක් ද රෝපණය කරන ලදී.

මෙම සංචාරය අතරතුර යක්කල රණවිරු ඇපරල් කර්මාන්තශාලාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් සේනක දසනායක ගේ ආරාධනයෙන් නවතමයෙන් ඉදිකරන ලද කර්මාන්තශාලා සම්බන්ධිකාරක කාර්යාලය සහ යාන්ත්‍රික ගබඩා කාමරය සෙත් පිරිත් සජ්ජායානා මධ්‍යයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානිගේ සුරතින් විවෘත කරන ලදී.

අනතුරුව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි විසින් සෙසුනිල භෝජනාගාරයේ දී කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු රණක්‍ෂිතයට පත් රණවිරුවන් ඇතුළුව 1000 කට ආසන්න භට පිරිසක් අමතන ලද අතර රණවිරු ඇපරල් කර්මාන්තශාලා පරිශ්‍රයෙන් නික්ම යාමට මත්තෙන් සිය සංචාරය සිහිපත්වීම සඳහා අමුත්තන්ගේ පොතහි සමරු සටහනක් ද තබන ලදී.

Sports brands | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ