2018-05-25 14:35:25
ජාතික රණවිරු සැමරුම් දිනයට සමඟාමිව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිත කණ්ඩායමක් පසුගියදා අනුරාධපුර ‘අභිමංසල - 1’ සුව සහන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වන ලදී.
2018-05-25 14:30:25
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 සහ 652 වන බලසේනාවන්හී භට පිරිස් විසින් ජාතික රණවිරු සැමරුම් දිනයට සමඟාමීව මැයි මස 19 වන දින සිට 21 වන දින දක්වා කිලිනොච්චි ප්‍රදේශයේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරන ලදී.
2018-05-25 14:29:25
යුද්ධ හමුදා සාමාජිකයින්ට ජනමාධ්‍ය පිළිබඳ මූලික දැනුමක් ලබාදෙමින් ඡායාරූපකරණය, විඩියෝකරණය, සම්බන්ධිකරණය, භාෂා හැසීරවීම, යුද්ධ හමුදා ජනමාධ්‍ය මෙහෙයුම් සහ යුද්ධ හමුදා උත්සවයක මධ්‍ය ආවරණ කටයුුතු සිදුකරන ආකාරය මෙන්ම යුද්ධ හමුදා ජනමාධ්යකරුවෙකුගේ කාර්යභාරය හා වගකිම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී බදාදා (23) දින පැවැත්විණි.
2018-05-24 18:54:13
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කරුවලගස්වැව, මෝරියකුලම ප්‍රදේශයේ මෝරියකුලම කෘෂිකාර්මික ඇල මාර්ගයේ ජල මට්ටම ඉහලයාමෙන් ඇල මාර්ගයේ කොටසක බැම්ම බිඳි ගොස් ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යටවීමේ අවධානමක් බදාදා (23) දින සන්ධ්‍යාවේ නිරීක්ෂණය වූ අතර යුහුසුළුව ක්‍රියාත්මක වූ බටහිර ආරක්ෂක.....
2018-05-24 15:47:00
ආරක්ෂක අමාත්‍යංශයේ සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් විපතට පත්වී ඇති ජනතාව ආපදා තත්ත්වයන්ගෙන් මුදාගැනීමේ කටයුතු සහ ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුම් කටයුතුවල නියලීමට යුද්ධ හමුදා භට පිරිස් සියගණනක් යොදවා ඇත.
2018-05-24 15:46:12
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් බුලත්සිංහල, මොල්කාව ප්‍රදේශය සහ අවට ප්‍රදේශයන් ජලයෙන් යටවී ඇති අතර, බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 582 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 9 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් ප්‍රදේශයේ.....
2018-05-24 15:34:17
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපති 16 වන ඉංජිනේරු බලකා භට පිරිස් විසින් මූලතිව් මූලික රෝහල් පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලැබු රෝගීන් ලියාපදංචි කිරීමේ ගොඩනැගිල්ල එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ සුරතින් විවෘත කරනු ලැබීය.
2018-05-23 20:33:44
‘වන රෝපා’ රුක් රෝපණ වැඩසටහනේ දෙවන අධියර යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මවුස්සාකැලේ ජල විදුලි බලාගාරය ආශ්‍රීතව මැයි මස 17 සහ 18 යන දිනයන්හිදි ක්‍රියාත්මක කරන ලදී. මෙම රුක් රෝපණ වැඩසටහනේ පළමු අධියර 2017 වසරේ දී ක්‍රියාත්මක කරන ලද අතර මවුස්සාකැලේ....
2018-05-23 20:26:24
592 වන බලසේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් මූල්ලියාවෙලි, උන්නාපිලවූ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ට පාසල් උපකරණ මෙන්ම ගුරුවන්ට සහ සිසුන්ගේ දෙමාපියන්ට වියළි සලාක මලු තොගයක් ද බදාදා (16) දින ප්රදානය කරනු ලැබීය. එංගලන්තයේ ස්ථාපිත බුද්ධිකා කදුරුගමුව මහත්මියගේ පදනමේ අනුග්‍රහය ඇතිව ප්‍රදේශයේ....
2018-05-23 20:15:48
>ජාතික යෞවුන් කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ බර ඉසිලීමේ තරඟාවලිය, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාගාරයේ දී මැයි මස 19 සහ 20 යන දෙදින පූරා පැවැත්විණි. මෙම තරඟාවලිය නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව පොළොන්නරුව දිස්ත්‍රික් බර ඉසිලීමේ සංගමය විසින් සංවිධානය කරන ලදී.