Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2018 15:46:12 Hours

යුද්ධ හමුදා භට පිරිස් ජල ගැලීමෙන් අවතැන්වු සිවිල් වැසියන් හට ගමනාගමන පහසුකම් සලසයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් බුලත්සිංහල, මොල්කාව ප්‍රදේශය සහ අවට ප්‍රදේශයන් ජලයෙන් යටවී ඇති අතර, බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 582 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 9 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් ප්‍රදේශයේ අවතැන්වූ සිවිල් වැසියන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳ සොයාබලමින් බ්‍රහස්පතින්දා (24) දිනයෙදිත් මුදාගැනීමේ සහ සහන සැපයීමේ මෙහෙයුම් වල නිරතව සිටියි.

ඒ අනුව, බුලත්සිංහල සිට මොරවක ප්‍රදේශය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී ඇති අතර යුද්ධ හමුදා භට පිරිස් බෝට්ටු මගින් සිවිල් වැසියන්ට ප්‍රවාහන පහසුකම් සපයනු ලබයි.

මේ අතර, නිකවැරටිය ප්‍රදේශයේ පිහිටි උඩුනෝව වැවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත් භූමි ප්‍රදේශයන් වෙත ජලය පිටාරයාම වැළැක්වීමට වැලි කොට්ට ඇතිරීම සඳහා 143 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් බදාදා (25) දින යොදවන ලදි.

Sports brands | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger