Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2018 15:34:17 Hours

මූලතිව් මූලික රෝහලේ නවතමයෙන් ඉදිකරන ලද රෝගින් ලියාපදිංචි කිරීමේ ගොඩනැගිල්ල විවෘත කෙරේ

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපති 16 වන ඉංජිනේරු බලකා භට පිරිස් විසින් මූලතිව් මූලික රෝහල් පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලැබු රෝගීන් ලියාපදංචි කිරීමේ ගොඩනැගිල්ල එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ සුරතින් විවෘත කරනු ලැබීය.

රෝගින් ලියාපදිංචි කිරීමේ සහ රෝගින්ගේ කාඩ්පත් ගබඩා කිරීම සඳහා මූලතිව් මූලික රෝහල් පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය සඳහා මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් සමඟින් මූලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් චන්න ඇටිපොළ, 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු, 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

හදිසි අවශ්‍යතාවය මත මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සපයනු ලැබීය.

Buy Sneakers | Nike