23rd May 2018 20:33:44 Hours
‘වන රෝපා’ රුක් රෝපණ වැඩසටහනේ දෙවන අධියර යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් මවුස්සාකැලේ ජල විදුලි බලාගාරය ආශ්‍රීතව මැයි මස 17 සහ 18 යන දිනයන්හිදි ක්‍රියාත්මක කරන ලදී.
මෙම රුක් රෝපණ වැඩසටහනේ පළමු අධියර 2017 වසරේ දී ක්‍රියාත්මක කරන ලද අතර මවුස්සාකැලේ ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශයේ තිබු ආක්‍රමණික ශාඛ පැළෑටි ඉවත් කර විවිධ වර්ගයේ දේශීය වන පැළෑටි 300 ක් පමණ රෝපණ කරන ලදී.
මෙම පැල 300 රෝපණය කිරිමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් බුවෙනක ගුණරත්න, මවුස්සාකැලේ ජල විදුලි බලාගාරයේ නිලධාරින් සහ ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් රැසක් එක්ව සිටියහ.
Running sneakers | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth