Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2018 18:54:13 Hours

යුද්ධ හමුදා භට පිරිස් ඇල මාර්ගයේ බිඳිගිය බැම්ම සකස් කරයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කරුවලගස්වැව, මෝරියකුලම ප්‍රදේශයේ මෝරියකුලම කෘෂිකාර්මික ඇල මාර්ගයේ ජල මට්ටම ඉහලයාමෙන් ඇල මාර්ගයේ කොටසක බැම්ම බිඳි ගොස් ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යටවීමේ අවධානමක් බදාදා (23) දින සන්ධ්‍යාවේ නිරීක්‍ෂණය වූ අතර යුහුසුළුව ක්‍රියාත්මක වූ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 16 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් වැලි කොට්ට අතුරා ඇල මාර්ගයේ ජලය පහත් භූමිකරා යාම වලක්වා ගැනීමට සමත්විය.

ඒ අනුව, යුද්ධ හමුදා භට පිරිස් වාරිමාර්ග දෙපාර්තුමෙන්තුවේ උපදෙස් මත ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇතිව ඇල මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළහ.

පවතින අධික වර්ෂාව හේතුවෙන් පැය කිහිපයක් තුල ඇල මාර්ගයේ ජල මට්ටම ඉහල ගොස් තිබු අතර ප්‍රදේශයේ ජන ජිවිතයට ද තර්ජනයක් එල්ල වී තිබිණි.

Nike shoes | NIKE RUNNING SALE