25th May 2018 14:30:25 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 සහ 652 වන බලසේනාවන්හී භට පිරිස් විසින් ජාතික රණවිරු සැමරුම් දිනයට සමඟාමීව මැයි මස 19 වන දින සිට 21 වන දින දක්වා කිලිනොච්චි ප්‍රදේශයේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරන ලදී.
එ් අනුව, දිර්ඝ කාලයක් පිරිසිදු නොකිරිම හේතුවෙන් කුණුරොඩු තැන්පත්ව තිබු මුලන්කාවීල් කලෙයිමගල් පෙර පාසල පිරිසිදු කිරිම සඳහා 651 වන බලසේනාවේ 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් ශ්‍රමදාන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන ලදී.
මේ අතරතුර, රණවිරු සැමරුම් දිනයට සමඟාමිව 652 බලසේනාවේ 20 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් අමතියාපුරම් අම්මාන් කෝවිල් පරිශ්‍රයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී.
මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිෂ්ශංක රණවන ගේ උපදෙස් පරිදි 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරීස් ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලදී.
short url link | Nike for Men