23rd May 2018 20:15:48 Hours
ජාතික යෞවුන් කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ බර ඉසිලීමේ තරඟාවලිය, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාගාරයේ දී මැයි මස 19 සහ 20 යන දෙදින පූරා පැවැත්විණි.
මෙම තරඟාවලිය නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව පොළොන්නරුව දිස්ත්‍රික් බර ඉසිලීමේ සංගමය විසින් සංවිධානය කරන ලදී.
මෙම තරඟාවලිය, තරුණ තරුණියන්ගේ බර ඉසිලීමේ කුසලතාවය ප්‍රවර්ධනය කිරීමේ සහ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණින් යුතුව පවත්වනු ලැබීය.
වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් හර්ෂ බණ්ඩාර ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සහභාගි විය.
මෙම තරඟාවලියේ ජයග්‍රහකයින් හට කුසලාන සහ සහතිකපත් පිරිනැමීම සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහ විශේෂ ආරාධිතයින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.
Authentic Sneakers | Men’s shoes