Header

Sri Lanka Army

Defender of the Nation

25th May 2018 14:35:25 Hours

සිංහ රෙජිමේන්තු භට පිරිස් ‘අභිමංසල - 1’ හි නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසයි

ජාතික රණවිරු සැමරුම් දිනයට සමඟාමිව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිත කණ්ඩායමක් පසුගියදා අනුරාධපුර ‘අභිමංසල - 1’ සුව සහන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වන ලදී.

අනුරාධපුර ‘අභිමංසල - 1’ සුව සහන මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් එච්.එම්.එන්.බී හේරත් විසින් මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගෙන ප්‍රධාන ශාලාව වෙත කැටුව යන ලදී. අනතුරුව එහිදී මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න මෙම සුව සහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ දෛනික ක්‍රියාවලිය සහ ඔවුන් රැකබලා ගැනිම සම්බන්ධව විමසා සිටින ලදී. මෙම සුව සහන මධ්‍යස්ථානය පුර්ණ ලෙස රණක්‍ෂිතයට පත් රණවිරුවන් 50 දෙනෙකුගේ ස්ථිර නිවහන ද වේ.

අනතුරුව, මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් නේවාසික ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුව දුක් විමසා සිටි අතර අනුරාධපුර ‘අභිමංසල - 1’ හි කාර්ය මණ්ඩලය හා සුහද පිළිසදරක යෙදෙමින් අදහස් හුවමාරු කරගන්නා ලදී.

මෙම සංචාරය සඳහා මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අනෙකුත් මාණ්ඩලික නිලධාරින් රැසක් ද එක්ව සිටියහ.

Buy Sneakers | Nike Shoes