Header

Sri Lanka Army

Defender of the Nation

23rd May 2018 20:26:24 Hours

උන්නාපිලවු ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ට සහ දෙමාපියන්ට යුද්ධ හමුදාවේ සහයෝගය

592 වන බලසේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් මූල්ලියාවෙලි, උන්නාපිලවූ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ට පාසල් උපකරණ මෙන්ම ගුරුවන්ට සහ සිසුන්ගේ දෙමාපියන්ට වියළි සලාක මලු තොගයක් ද බදාදා (16) දින ප්‍රදානය කරනු ලැබීය.

එංගලන්තයේ ස්ථාපිත බුද්ධිකා කදුරුගමුව මහත්මියගේ පදනමේ අනුග්‍රහය ඇතිව ප්‍රදේශයේ පවතින දිලිදුකම සැලකිල්ලට ගනිමින් මෙම වියළි සලාක මලු තොගය බෙදාදෙනු ලැබීය. මෙම අවස්ථාවට 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය ද සහභාගි විය.

මෙම වැඩසටහනේ දී සිසුන් 43 දෙනෙකුට පාසල් උපකරණ මෙන්ම ගුරුවරුන් සහ දෙමාපියන් 50 දෙනෙකුට වියළි සලාක මලු ද ප්‍රදානය කරනුු ලැබීය.

affiliate link trace | Nike Dunk - Collection - Sb-roscoff