11th July 2025
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙතින් 2025 ජූලි මස 09 දින ‘බෝ නොවන රෝග අවම කිරීම’ යන තේමාව ඔස්සේ යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දේශනයක් පැවැත්වීය.
එහිදී, බ්‍රිගේඩියර් (වෛද්‍ය) මොරීන් විජේවර්ධන (විශ්‍රාමික), බ්‍රිගේඩියර් ආර්.එම්.එම් මොණරාගල USP සහ මේජර් ඒ.එස්.කේ උඩුගම යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා සිදුකළ යුතු පිළිවෙත් මෙන්ම ආතතිය කළමනාකරණය කිරීම සහ නිසි පෝෂණයේ වැදගත්කම වැනි කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමුකරමින් දේශනයන් පැවැත්විණි.