27th November 2025
සුරනිමල ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද ඩබ්ලිව්. එස්. බොතේජු අනුස්මරණ මල්ලවපොර ශූරතාවලිය - 2025 නොවැම්බර් මස 22 සහ 23 යන දිනයන්හිදී ජා-ඇල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඒ සඳහා යුද්ධ හමුදා මල්ලවපොර කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඒ.එම්.සී අබේකෝන් RWP RSP USP ndu ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදාව නියෝජනය කරමින් පිරිමි ක්‍රීඩකයින් 34 දෙනෙකු සහ කාන්තා ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සහභාගී වූහ.සහභාගි වූහ.
තරඟාවලියේදී පිරිමි අංශයේ බර කාණ්ඩ 12 කින් රන් පදක්කම් 11 ක්, රිදී පදක්කම් 9 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් ද කාන්තා අංශයේ බර කාණ්ඩ 10 කින් රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් ද දිනා ගනිමින් යුද්ධ හමුදා මල්ලවපොර කණ්ඩායම විසින් පිරිමි සහ කාන්තා අංශයන්හි ශූරතාවයන් දිනා ගන්නා ලදී.
තරඟාවලියේ දක්‍ෂතම පිරිමි මල්ලවපොර ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ පාබල සෙබල ඩී.ඩී.එස් දර්ශන සම්මාන ලැබූ අතර, කාන්තා අංශයේ දක්‍ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය සෙබල ආර්.එම්.ඩබ්ලිව් කාංචනා විසින් සම්මාන හිමිකර ගන්නා ලදී.