යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු චෙස් තරඟාවලිය - 2025 සාර්ථකව අවසන්

යුද්ධ හමුදා චෙස් කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු චෙස් තරඟාවලිය - 2025 ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 සැප්තැම්බර් මස 22 දින සිට 26 දින දක්වා පැවැත්විණි. ඒ සඳහා රෙජිමේන්තු 14 ක් නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 135 දෙනෙකු සහභාගී වූහ.

තරඟාවලියේ සමාප්ති උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා චෙස් කමිටුවේ සභාපති සහ විනයාරක්‍ෂකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.ආර් අබේසිංහ ndc සහභාගී විය.

තරඟාවලියට විවෘත සහ කාන්තා යන කාණ්ඩ දෙක යටතේ ස්ටෑන්ඩඩ්, බ්ලිට්ස් සහ කණ්ඩායම් යන තරඟ ඉසව් ඇතුළත් වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු කණ්ඩායම විසින් ලකුණු 245 ක් ලබා ගනිමින් සමස්ත ශූරතාවයත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම විසින් ලකුණු 200 ක් ලබා ගනිමින් අනුශූරතාවයත් හිමිකර ගන්නා ලදී. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම සහ ඉංජිනේරු සේවා බලකා කණ්ඩායම ලකුණු 105 බැගින් ලබා ගනිමින් තෙවන ස්ථානය හිමිකර ගන්නා ලදී.

ජයග්‍රාහකයින් පහත පරිදි වේ:

• විවෘත ස්ටෑන්ඩඩ් ඉසව්ව: ලුතිනන් ආර්.ඩී.ඒ.එම් සුරවීර (ඉංජිනේරු සේවා බලකාය)

• කාන්තා ස්ටෑන්ඩඩ් ඉසව්ව: ලාන්ස් කෝප්‍රල් අයි.එන්.ඩී දසනායක (ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය)

• බ්ලිට්ස් විවෘත ඉසව්ව: ලාන්ස් කෝප්‍රල් ඩී.එන්.එස් ද සිල්වා (ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය)

• බ්ලිට්ස් කාන්තා ඉසව්ව: කෝප්‍රල් ඩබ්ලිව්.ජී.එච්.එස් ආරියරත්න (ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකාය)

• විවෘත කණ්ඩායම් ඉසව්ව: ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය

• කාන්තා කණ්ඩායම් ඉසව්ව: ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය