යුද්ධ හමුදා මූලස්ථානයේදී මානව සම්පත් කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

යුද්ධ හමුදා ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අනුකූලව, නවීන මානව සම්පත් කළමනාකරණ පිළිවෙත් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 07 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත මාණ්ඩලික ප්‍රධානගේ මඟපෙන්වීම යටතේ සහ අධ්‍යක්‍ෂ මාණ්ඩලික රාජකාරිගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා ඉදිරි දර්ශන සැලසුම් සහ ක්‍රියාත්මක කිරීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.

වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ සුරේන් පෙරේරා මහතා විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලද අතර, එහිදී ආයතනික අවබෝධය ශක්තිමත් කිරීම සහ සමකාලීන මානව සම්පත් කළමනාකරණ මූලධර්ම ඵලදායී ලෙස යෙදීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.

මෙම වැඩමුළුව සඳහා නිලධාරීන් 95 දෙනෙකු සහ සෙසුනිලයන් 90 දෙනෙකු සහභාගී වූහ.