යුද්ධ හමුදාධිපතිතුමන් රාගම - රණවිරු සෙවන සුවතා නිකේතනයේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 ජනවාරි මස 28 වන දින රාගම - රණවිරු සෙවන සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරත විය.

සුවතා නිකේතනය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ RWP RSP USP rcds psc, රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.ජේ.එල්.කේ වීරකෝන් RWP RSP සහ රාගම - රණවිරු සෙවන සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජී.ආර්.එස් ධර්මරත්න USP විසින් පිළිගන්නා ලදී.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් එම සුවතා නිකේතනයේ නේවාසිකයන් සඳහා වූ උපදේශකවරුන් හමුවී ප්‍රථිකාර ලබන රණවිරුවන් සඳහා සිදුකරනු ලබන පුනරුත්ථාපන සහ සුභසාධන වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය. ඉන්පසුව, ඔවුන්ගේ මානසික සුවය වෙනුවෙන් පවත්වනු ලබන සංගීතමය සහ නාට්‍යමය වැඩසටහනක්ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී.

මෙම සංචාරය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ දෛනික කටයුතු සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා නිල වශයෙන් වාහනයක් ලබා දෙන ලදී. රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා සිදුකරනු ලබන සුභසාධන වැඩසටහන් තවත් වැඩි දියුණු කිරීමේ අරමුණින්, අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායකගේ මඟ පෙන්වීම යටතේ මෙම පරිත්‍යාගය සිදු කරන ලදී.