8th July 2025
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මේජර් ජෙනරල් ඒ.එම්.ආර් අබේසිංහ ndc ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජූලි මස 08 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
මෙම අවස්ථාවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සිය සුබපැතුම් එක්කළේය.
අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උසස්වීම් ලැබූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සංකේතාත්මකව මේජර් ජෙනරල් නිලයට හිමි අසිපත පිරිනමන ලදී.