17th January 2025
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එන්.ඩී. කරුණාපාල ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ 16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.එච්. වික්‍රමසිංහ ආර්එස්පී යූඑස්පී පීඑස්සී එල්එස්සී ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් සිවිල් වැසියන් සහ රාජ්‍ය නිලධාරින් සමඟ ඒකාබද්ධව 2025 ජනවාරි මස 16 දින මාරයිලුප්පායි ප්‍රදේශයේ පිහිටි පනායිනිඩන්කුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.