වන අලින්ගෙන් සිදුවන හානි වැළැක්වීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් වැඩසටහනක්.

වන අලින්ගෙන් කුඹුරු වගාවලට සිදුවන හානිය අවම කරගැනිම සහ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, වනජීවී සහ සිවිල් සංවිධාන සමඟින් එක්ව 2025 ජනවාරි මස 02 දින සමීක්‍ෂණයක් පවත්වන ලදී.

දිඹුලාන,මහවැලිතැන්න, සූරියවැව සහ පරාක්‍රමයාය යන ප්‍රදේශයන් ආවරනය වන පරිදි සිදුකරනු ලැබූ මෙම සමීක්‍ෂණයේදී එම ප්‍රදේශයන් හි අක්කර 5000ක පමන වී වගාවන් කර ජිවත්වන පවුල් 400ක් පමණ සිටින බව සොයාගන්නා ලදී. මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ව්‍යාපෘති භාර නිළධාරි බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.ආර්. කුමාර යූඑස්පී අයිඑස්සී සහ භටපිරිස් හි සහභාගිත්වයෙන් සිදුකරන ලදී.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, රාජ්‍ය නිලධාරින් සහ සිවිල් වැසියන් රැසක් ද සහභාගි වූහ.