51 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත සෙල්වපුරම් සහ යෝගපුරම් ප්‍රදේශයන්හි ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල දරු දැරියන් වෙනුවෙන් පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 14 දින CIMIC උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්විණි.

මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික), සිවකුමාර් පොන්නතුරෙයි මහතා සහ එතුමන්ගේ භාර්යාව, තබෝතරන් මහතා, බවන් මහතා සහ තේනුජන් මහතා විසින් මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා සිය මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන්හ.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.