13th January 2025
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 09 දින උහන ප්‍රදේශයේ රුහුණුගම ජීවත්වන ගර්භනී මව්වරුන් 35 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම පරිත්‍යාගයන් සඳහා මාතෘ ඇඳුම්, අත්‍යාවශ්‍ය ළදරු උපකරණ, ළදරු කිරිපිටි, සනීපාරක්‍ෂක නිෂ්පාදන සහ වියළි ආහාර සලාක පාර්සල් ඇතුළු විවිධ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් වූ අතර, අඩු පහසුකම් සහිත ගර්භනී මව්වරුන් මුහුණ දෙන මූල්‍යමය අපහසුතා ලිහිල් කිරීම මෙම සත්කාරයේ ප්‍රධාන අරමුණ විය.
මෙම පරිත්‍යාග වැඩසටහනට හේමාස් කන්සියුමර් ප්‍රොඩක්ට්ස් (පුද්ගලික) සමාගමේ මෙහෙයුම් කළමනාකරු තිළිණ ජයරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මණ්ඩලයේ නිලධාරින් කිහිප දෙනෙකු මූල්‍යමය දායකත්වය ලබා දුන් අතර, පරිත්‍යාග වැඩසටහනෙන් පසු සියලුම ගර්භනී මව්වරුන්ට සහ සම්භාවනීය අමුත්තන්ට උදෑසන ආහාර වේලක්ද පිළිගන්වන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.