ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ, වැලිකන්ද පෙර පාසලේ ළමුන් 60 දෙනෙකු සඳහා පාසල් උපකරණ සහ අත්‍යාවශ්‍ය ඉගෙනුම් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 26 දින පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍ය රෝහිත අබේසිංහ මහතා විසින් මූල්‍ය පරිත්‍යාගය සිදු කරන ලද අතර, ශ්‍රී ලංකා ජනතාවගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගී වූහ.