27th January 2025
ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා අනුමැතිය මත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර, පන්සියගම ග්‍රාමීය රෝහලේ ඉදිකිරීම් කටයුතු 9 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරන ලදී.
මෙම ව්‍යාපෘතිය ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පිරිස්හි සහායද ඇතිව 2022 ජුනි මස 26 දින ආරම්භ කරන ලදී. ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නිම කරන ලද මෙම ගොඩනැගිල්ල 2024 දෙසැම්බර් මස 31 දින රෝහල් බලධාරින් වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.