24th January 2025 රජය විසින් දියත් කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, අභිමංසල-II සුවතා නිකේතනයේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 21 දින විල්පිට වත්ත මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගි වූහ.