231 පාබල බලසේනාවේ සහ 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක්

231 පාබල බලසේනාවේ සහ 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හේමාස් (පුද්ගලික) සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව දිඹුලාගල, දළුකාන ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 80 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 28 දින මහවැලි ප්‍රතිභා ශාලාවේදී පවත්න ලදී.

මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 231 පාබල බලසේනාවේ බලසේනාධිපති, 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, හේමාස් (පුද්ගලික) සමාගමේ සාමාන්‍යාධිකාරී, පොලිස් නිලධාරින්, මහවැලි නිලධාරින්, ග්‍රාම නිලධාරින් සහ ප්‍රදේශවාසීන් සහභාගි වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී. ආර් පතිරවිතාන USAWC psc ගේ උපදෙස් මත 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ මෙම සමාජ සත්කරක වැඩසටහන පැවැත්විය.