2 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ත්‍රිකුණාමලය වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

221 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 මාර්තු මස 20 දින ත්‍රිකුණාමලය රෝහල අසල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

වෙරළ තීරය ආරක්‍ෂා කිරීම, සමුද්‍ර ජීවීන් ආරක්‍ෂා කිරීම සහ පිරිසිදු, හරිත අනාගතයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම සමාජ සත්කාරක වැඩසටහන පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති -නැගෙනහිර ගේ උපදෙස් මත 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ භටපිරිස් විසින් මෙම ව්‍යපෘතිය සිදුකරන ලදී.

මෙම වැඩසටහන සඳහා ඒකක අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.