නාගොඩ, රාජකීය විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහභාගි වෙයි

නාගොඩ, රාජකීය විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 මාර්තු මස 12 දින එම විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවති අතර, එම අවස්ථාවට විදුහල්පතිවරයාගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc සහභාගි වූ‍යේය.

උත්සවය අතරතුරදී, 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කරමින් පෞරුෂත්වය ගොඩනැඟීමේදී හා සංවර්ධනයේදී ක්‍රීඩාවේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. පසුව ජයග්‍රාහකයින් වෙත සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවටද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි එක්විය.