20th March 2025
521 පාබල බලසේනාව වෙතින් 2025 මාර්තු මස 15 දින එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පැවැත්වීය.
පේදුරුතුඩුව මූලික රෝහල් රුධිර බැංකුවේ සහයෝගය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. පේදුරුතුඩුව මූලික රෝහලේ අත්‍යවශ්‍ය රුධිර සංචිතයන් නැවත ස්ථාපිත කිරීමේ අරමුණින් එම බලප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් සහ සිවිල් වැසියන් ස්වේච්ඡාවෙන් මෙම වැඩසටහන සඳහා ඉදිරිපත් වී සිය රුධිරය පරිත්‍යාග කළහ.
මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන 521 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පී.එස්.කේ රණතුංගමගේ RSP psc ගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරිණි.