4th July 2025
61 පාබල සේනාංකයේ 21 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.වී. ප්‍රනාන්දු USP ndc IG, 2025 ජූලි මස 01 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
මෙම අවස්ථව සනිටුහන් කරමින් සේනාංකාධිපති පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. අනතුරුව, භට පිරිස් ආමන්ත්‍රණය කර සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.