8th July 2025
බලංගොඩ, කෝන්ගහවෙල ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වීම සඳහා 18 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ. මෙම සිදුවීම පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව කඩිනමින් ක්‍රියාත්මක වූ භටපිරිස් එම ස්ථානය වෙත ගොස් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරනු ලැබීය.
එම භටපිරිස්හි මැදිහත්වීම තුළින් ඒ අවට පිහිටි වනාන්තර ප්‍රදේශ, ගොවිබිම් සහ නේවාසික ප්‍රදේශවලට ගින්න පැතිරීම වළක්වාගැනීමට හැකියාව ලැබිණි.