15th July 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 14 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP Hdmc psc 2025 ජූලි මස 11 දින පොල්හේන්ගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණි මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP Hdmc psc වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීය. පසුව, ආගමික වතාවත් පවත්වා සමූහ ඡායාරූපයක් සඳහා සහභාගි වූ නව කර්නල් සේනාවිධායක කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර භටපිරිස් ආමන්ත්‍රණය සිදුකරන ලදී. අනතුරුව, පැවති සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහා සහභාගි වූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරි උත්සව සමාප්තියේදී කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක ද නිරතවිය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.