6th July 2025
56 වන යුද සේවා ලේකම් ලෙස මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP Hdmc psc විසින් 2025 ජූලි මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිට් යුද සේවා ලේකම් කාර්යාලයේ දී සිය ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි නිල ලේඛනයකට අත්සන් තැබීය.
මෙම අවස්ථාව සඳහා යුද සේවා ලේකම් ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි,නිලධාරින් සෙසුනිලයන් සහභාගි වූහ.