ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නව බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc විසින් 2025 ජූලි මස 02 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ 27 වන බලකාධිපති ලෙස පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

ප්‍රධාන දොරටුව වෙත පැමිණි නව බලකාධිපති වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදාසම්ප්‍රදායානුකුල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, අනතුරුව හමුදාසම්ප්‍රදායානුකුල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

පසුව, පැවති සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහා සහභාගීවූ නව බලකාධිපති විසින් උත්සවයේ වැඩකටයුතු අවසන් කරමින් භටපිරිස් ආමන්ත්‍රණය සිදු කරන ලදී. මෙම අවස්ථාවට එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.